සිනාගේ සමුගැනීම



සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන 47 හැවිරිදි ජෝන් සීනා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

වසර 20 ක් නොයෙකුත් බාධක මැද රෙස්ලින් ක්‍රීඩා පිටියේ තරඟ කරමින් ජයග්‍රහණ රාශියක් අත්කර ගත් බවත් ලබන වසරේදී තමන් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලින් පිටියෙන් සමුගන්නා බවත් ජෝන් සීනා පැවැසුවේය. බොහෝ දුරට ලබන වසරේ පැවැත්වෙන රෙස්ල්මේනියා තරඟවලියේදී තම අවසන් රෙස්ලින් තරඟයට මුහුණ දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

වර්ල්ඩ් රෙස්ලින් එන්ටර්ටේට්මන් ආයතනයේ පැවැති මනී ඉන් ද බෑන්ක් තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය.


RECOMMEND POSTS