සිඩ්නි පොලිස් නිලධාරිනිය වීරයෙක්



ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, නැගෙනහිර වෙරළ තීරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණය තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කළ සිඩ්නි පොලිස් නිලධාරිනිය වීරයකු යැයි ඕස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසයි.

පිහි ප්‍රහාරය එල්ල වූයේ පසුගිය 13 වැනිදා වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හි සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළය. ප්‍රහාරකයා ජොඑල් කවුචි නමැති 40 හැවිරිදි අයෙකි. ජොඑල් කවුචි කළ ප්‍රහාරයෙහන් සය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බව වාර්තා විය. තුවාල ලැබූවන් අතරේ කුඩා දරුවෙක් ද සිටී. 

ජොඑල් කවුචි පිරරි ප්‍රහාරය එල්ල කරමින් කලහ කරද්දී, ඔහු කොටු කර ගැනීමට සමත් වූයේ සිඩ්නි පොලිස් නිලධාරිනියකි. ඇය ඔහුට වෙඩි තබා ජීවිත රැසක් බේරා ගත් බව ඇන්තනි ඇල්බනීස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

පිහි ප්‍රහාරය එල්ල කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් තවමත් තොරතුරු අනාවරණය වී නැත. සිඩ්නි නුවර අයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිස්පතිනී  කැරන් වෙබ් පවසා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවය. කෙසේ නමුත් ජොඑල් කවුචි මානසික රෝගී තත්ත්වයකින් පෙළුනු අයකු බව තහවුරු වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS