සිඞ්නි නුවර අසල ළැව් ගිනි



ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි නුවරට නවුදුරින් ළැව් ගිනි හටගෙන ඇති බව එරට පුවත් සේවා වාර්තා කර තිබේ. ළැව් ගිනි පැතිර යන්නේ නගරයේ සිට කිලෝ මීටර් 60 ක් දුරිනි.

හෙක්ටයාර් තුන් ලක්ෂයක ප්‍රමාණයක් මේ වනවිට ළැව් ගිනි හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇති බව ද පැවැසෙයි. වියළි කාලගුණය ළැව් ගිනි පාලනයට බාධාවක් වී ඇත. සිඞ්නි නුවර උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 40 තෙක් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS