සිංගප්පූරුවේ අවුරුදු 12 ත් 15 ත් දරුවන්ට එන්නත්



කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරමින්, අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීමට සිංගප්පූරුව ද පියවර ගෙන ඇත. අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතය.

අද වනවිට ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය ආදී රටවල් බොහොමයක් එම රටවල අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන්නේ ද මෙම ෆයිසර් එන්නතය. ඒ එය සර්ථක මෙන්ම ආරක්ෂිත එන්නතක් බව තහවුරු වී ඇති බැවිනි.

මීට අමතරව, මේ වනවිට සිංගප්පුරුවේ මිලියන 5.7 කට කොරෝනා මර්දන එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලැබී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

වයිරස ව්‍යාප්තිය පාලනය සඳහා පුද්ගල එක්රැස්වීම් පාලනය කිරිමේ අරමුණින් පැනවු සංචරණ සීමා, ලබන ජූනි 13 වැනිදා තෙක් දිර්ග කිරීමට ද සිංගප්පුරු බලධාරින් තීරණය කර තිබේ.

සිංගප්පූරුවේදීය (රොයිටර්)


RECOMMEND POSTS