සැවොම එකමුතු වෙමු



‘කෝවිඞ් 19’ වයිරසය හේතුවෙන් හටගත් ගෝලීය වසංගත තත්ත්වය හමුවේ, එදිරිවාදිකම් පසෙකලා සැවොම එකමුතු වී, වයිරසය පරාජය කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසයි.

මෙම මොහොතේ විවිධ සන්නද්ධ අරගලවල නියැලි සියලු පාර්ශ්වයන්ගෙන් මහ ලේකම්වරයා ඉල්ලා සිටියේ එම සියලු අරගල නවත්වා වයිරසය මැඬලීමට පියවර ගන්නා ලෙසය.

එසේ නොකළහොත්, සටන් කර ලබා ගන්නා කිසිම දෙයකින් පලක් නැති බව ද ජගත් මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS