සැන්චේස් චීන ජනපති ෂී ජින්පින් හමුවෙයි



නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක්  පැවැත්විණි.

ද්වීපාර්ශ්වික සබඳතා තරකර ගැනීමෙන් පසුව, රාජ්‍ය නායකයන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වූයේ රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහිය.

රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට චීන ජනාධිපති ෂී ජින්පින්ගේ උපදෙස් පරිදි, චීනය සාම සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.
එම සාම සැලැස්මට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර ඇති නමුත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඒ ගැන උනන්දුවක් දක්වන බවක් පෙනෙන්න නැත.

ෂී ජින්පින් හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ පෙනී සිටි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, චීනය ඉදිරිපත් කළ සාම සැලැස්ම සම්බන්ධයෙන් තමන් තුළ පැහැදීමක් ඇති බවත්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඒ ගැන උනන්දු විය යුතු බවත්ය.

චීනය ද ලෝක බලවතකු බවත්, රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරීමට චීනය සමත් වේවි යැයි තමන් විශ්වාස කරන බවත් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

(රොයිටර්)


RECOMMEND POSTS