සාර්ථකත්වය සියයට 97 ක්
“සිනෝවැක්” කොවිඩ්-19 එන්නත සියයට 97ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ඉන්දුනීසියාවේ ‘බයෝ ෆාමා’ සමාගම නිවේදනය කරයි.
සිනෝවැක් යනු චීන සමාගමක් වන අතර එම සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක අත්හදා බැලෙයි.
ඉන්දුනීසියාව වෙනුවෙන් එම එන්නත අත්හදා බලන්නේ එරට රජයට අයත් ඖෂධ සමාගම වන ‘බයෝ ෆාමා’ සමාගම යි.
ඉන්දුනීසියාව තුළ එම එන්නතේ සායනික අත්හදා බැලීම් මේ වනවිට සිදුවන අතර එහි අන්තර්වාර දත්ත නිකුත් කර තිබේ.
“මාසයක කාලයක් තුළ මෙම එන්නත සියයට 97ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව අපේ සායනික අත්හදා බැලීම් කරන කණ්ඩායම සොයාගෙන තිබෙනවා” යැයි බයෝ ෆාමා සමාගමේ ප්‍රකාශක ඉවාන් සෙතිවාන් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
සිනෝවැක් එන්නත මේ වනවිට එහි තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් කරන බවත් තවමත් එහි දත්ත එක්රැස් කරමින් සිටින බවත් එම බයෝ ෆාමා සමාගමේ තවත් ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ අතර ඉන්දුනීසියාව චීනයෙන් ඇණවුම් කළ පළමු ‘කොවිඩ්-19’ එන්නත් තොගය ඉකුත් දා එරටට ළඟා විය.
ඉන්දුනීසියාව ද මේ වනවිට දැවැන්ත එන්නත්කරණ වැඩසටහනකට සූදානම් වෙමින් සිටින අතර චීනයෙන් ඇණවුම් කළ ‘කොවිඩ්-19’ එන්නත් තොගය ළඟා වූ බව ඉන්දුනීසියාවේ ජනාධිපති ජොකෝ විඩොඩෝ ඉරිදා පැවැසීය.
චීනයෙන් ගෙන්වන ලද ‘කොවිඩ්-19’ ඉන්දුනීසියානු ජනතාවට ලබාදීමට පෙර එය එරට ආහාර සහ ඖෂධ අධිකාරියෙන් අනුමත විය යුතු ය.
ඉන්දුනීසියාව මේ වනවිටත් එන්නත බෙදාහැරීම සඳහා සූදානම් වෙමින් සිටියි.
ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270කි.
රොයිටර්