සාම කතා ගැන උනන්දුවක් නෑ



රුසියාව සමඟ සාම කතා අඩපණ වී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. සාම කතා අඩපණ වීමට හේතුව රුසියාව ඒ ගැන උනන්දුවක් නොදැක්වීම යැයි ද සෙලෙන්ස්කී පෙන්වා දෙයි.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඉන්පසු රුසියන් සහ යුක්රේන නියෝජිතයන් අතරේ සාකච්ඡා කීපයක් පැවැත්විණි. කෙසේ නමුත් යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ඇති කර නොගැණුනි.

(රොයිටර්)


RECOMMEND POSTS