ස්ලොවේකියා මැතිවරණයෙන් රුසියන් හිතවාදී පක්ෂ ජය ගනී



ස්ලොවේකියා පාර්ලිමේන්තු මැතිවරණයෙන් රුසියන් හිතවාදී ‘ස්මියර් එස්.එස්.ඩී’ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කළේය. ‘ස්මියර් එස්.එස්.ඩී’ පක්ෂයට නායකත්වය දෙන්නේ ස්ලොවේකියාවේ හිටපු අග්‍රාමාත්‍ය රොබර්ට් ෆයිකෝය.

‘ස්මියර් එස්.එස්.ඩී’ පක්ෂයට බහුතර බලයක් හිමි නොවුණු හෙයින්, රජයක් පිහිටුවීමේ දී හිතවත් සෙසු පක්ෂ සමඟ සන්ධානගතවීමට සිදුවනු ඇත. රොබර්ට් ෆයිකෝ පවසා ඇත්තේ නව රජයක් යටතේ යුක්රේනයට ආධාර ලබා නොදෙන බවය.

යුක්රේනය යුරෝපා රාජ්‍යයක් වන අතර පෝලන්තයේ අසල්වැසියෙකි. ‘ස්මියර් එස්.එස්.ඩී’ දේශපාලන පක්ෂය නායකත්වය කරා ගෙන ගිය රොබර්ට් ෆයිකෝ 2006 සිට 2010 දක්වාත්, පසුව 2012 සිට 2018 දක්වාත් ස්ලොවේකියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.  2018 වසරේ ඔහුට ධුරය අහිමිවූයේ ගවේෂණාත්මක මාධ්‍යවේදිකු ඝාතනය කළේ යැයි චෝදනා එල්ල වීමෙනි.


RECOMMEND POSTS