ස්පාඤ්ඤයේ මරණ අඩුවීමක්



ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවේ අඩුවක් දකින්න ලැබෙන බව වාර්තා වේ. ඊයේ (18) මරණ වාර්තා වූයේ 410 ක් පමණය.

ඊට පෙර සෑම දිනකම පාහේ මරණ 500 ඉක්මවා වාර්තා වූ බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස් පවසා ඇත. ස්පාඤ්ඤය මැයි 9 වැනිදා තෙක් ලොක්ඩවුන් තත්ත්වයේ පවතිනු ඇතැයි ද ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS