ස්පාඤ්ඤ මුහුදේ සංක්‍රමණික බෝට්ටු ගිලී 300 ක් අතුරුදන්



සෙනගාලයේ සිට ස්පාඤ්ඤයේ කැනරි දූපත් දක්වා සංක්‍රමණික බෝට්ටු 3 ක ගමන් කරමින් සිටි පුද්ගලයන් 300 දෙනකු පමණ ස්පාඤ්ඤය ආසන්න මුහුදේ දී අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බෝට්ටු කැනරි දූපතක් වන ටෙනරීෆ් වෙත කිලෝමීටර 1700ක් දුරින් පිහිටි සෙනගාලයේ සිට ගමන් අරඹා තිබූ බව ද වාර්තා වේ. සෙනගාලය යනු දිළිඳුබවින් මිරිකී ගිය රාජ්‍යයකි. දේශපාලන අර්බුදවලින් ද රට අස්ථාවර වී ඇත. ස්පාඤ්ඤයට පලා යමින් සිට ඇත්තේ එම අර්බුදවලින් පීඩාවට පත්වුණු වැසියන් පිරිසකි.

බටහිර අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති කැනරි දූපත් ස්පාඤ්ඤය බලා යන සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන ගමනාන්තයක් වන අතර, බොහෝ පිරිසක් ඒ හරහා පලායෑමට ගොස් අනතුරට ලක්වන බවයි විදෙස් පුවත් සේවා පැහැදිලි කර තිබේ.

 


RECOMMEND POSTS