ස්පාඤ්ඤ දරුවන්ට එළියට යන්න අවසර
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය මාර්තු 14 වැනිදා සිට නිවෙස්වලට සීමා වුණු දරුදැරියන්ට නිවෙස්වලින් පිටතට යෑමට අවසර දෙන බව ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චේස් පවසා ඇත.
දරු දැරියන්ට නිවෙස්වලින් එළියට යෑමට අවසර හිමිවන්නේ ලබන අප්‍රේල් 27 වැනිදා සිටය. නගර බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් හමුවී සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ස්පාඤ්ඤ අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වූ රටක් ලෙස ස්පාඤ්ඤය සැලකෙයි. ‘කොවිඞ් 19’ වයිරසය ස්පාඤ්ඤයේ පැතිරීමත් සමඟ මරණ 20,000 වඩා වාර්ත විය. ආසාදිතයන් ලක්ෂ දෙක පසු කර තිබේ.
මැඞ්රිඞ්හිදීය (රොයිටර්)