ස්ත්‍රී දූෂකයන් කෙළින්ම මරලා දානවා



පශු වෛද්‍යවරිය ප්‍රියංකා රෙඞ්ඩි දූෂණය කර මරාදැමූ සැකකරුවන් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීම සාධාරණීය කරමින්, තෙලන්ගානා ප්‍රාන්ත ඇමැතිවරයකු පවසා ඇත්තේ මින් ඉදිරියට ස්ත්‍රී දූෂකයන්ට කිසිදු සමාවක් නැති බවත්, නඩු විභාගවලින් තොරව ඔවුන් මරා දමන බවත්ය.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ ප්‍රාන්තයේ සත්ව පාලන කටයුතු පිළිබඳ ඇමැති තලස්සානී ශ්‍රී නිවාස් යාවෙද් ය. ඒ, ප්‍රාන්ත පුවත් නාලිකායකට එක් වී සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් අවස්ථාවේදීය.

ස්ත්‍රී දූෂකයන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවත්, ඔවුන්ට නඩු විභාග සම්බන්ධයෙන් කරදර විය යුතු නැති බවත්, මරණ දඬුවම වහා ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පවසා ඇත. ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය ආන්දෝලනයට හේතුවක් වී ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

හයිද්‍රාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS