ස්කොට්ලන්ත ප්‍රධාන ඇමැතිනිය ඉල්ලා අස්වෙයි



ස්කොට්ලන්ත ප්‍රධාන අමාත්‍ය නිකොලා ස්ටෲජන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ, වසර 8 ක කාලයක් එම ධුරය හෙබවීමෙන් පසුවය.

ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයේ කොටසකි. ‘මෙය මා හදිසියේ ගත් තීරණය නොවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ මා උත්සාහ කළා ධුරයෙන් සමුගන්න. දැන් තමයි ඊට වෙලාව උදා වුණේ’ යැයි ඉල්ලා අස්වෙමින් ජනතාව ඇමැතූ නිකොලා ස්ටෲජන් පැහැදිලි කර තිබේ.

නිකොලා ස්ටෲජන්, පාලක ‘ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ’ නායිකාව බවට පත් වූයේ 2014 දීය. එම අවස්ථාවේ මහා බ්‍රිතාන්‍යය සමග දිගටම සිටිනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විණි.

නිකොලා ස්ටෲජන් ප්‍රමුඛ ස්කොට්ලන්ත ජාතික පක්ෂයට බහුතර ජනවරමක් හිමි වූයේ දිගටම මහා බ්‍රිතාන්‍ය්‍ය සමඟ සිටීමටය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS