සහන පැකේජයකට එකඟවෙති



යුරෝපා සංගමයට අයත් රටවල රාජ්‍ය නායකයන් අතරේ සිවු දිනක් තිස්සේ පැවැති සාකච්ඡා අවසන් වූයේ, ආර්ථික සහන පැකේජයකට එකඟත්වය පළ කරමිනි.

යුරෝපා සංගමය සාමාජික රටවල් 27 කින් සමන්විතය. සාකච්ඡා පැවැත්වූයේ ‘කොවිඞ් 19’ වසංගතය කෙමෙන් අවසන් වෙද්දී, යුරෝපා සංගමයේ රටවල ආර්ථිකය නංවාලීම කෙසේ කළ යුතුදැයි සම්බන්ධයෙනි. සාකච්ඡාවලින් පසු තීරණය කෙරුණේ ඇමෙරිකන් ඩොලර් බිලියන 859 ක සහන ණය සාමාජික රටවලට ලබා දීමටය.

යුරෝපා සංගමයේ එම විශේෂ සමුළුව බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී ආරම්භ වූයේ පසුගිය 18 වැනිදාය. පැය 90 කට වැඩි කාලයක් තිස්සේ යුරෝපා නාගකයන් අතරේ සාකච්ඡා පැවැත්වුණි. ඒ, වාද විවාද මැදය. 2000 වසරෙන් පසු, වැඩිම කාලයක් පැවැති යුරෝපා නායක සමුළුව මෙය යැයි ද පැවැසෙයි.

බ්‍රසල්ස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS