සඳ මතුපිට ජලය



සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයෝ පවසති. අනාගතයේ සඳ මත ජනාවාස පිහිටුවා ගනිද්දී, මෙම ජලය ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.

වායුගෝලයක් නොමැති සඳ වියලි ශුෂ්ක ජීවයට නුසුදුසු තැනක් ලෙස සැලකෙයි. කෙසේ නමුත් සඳ මතුපිට ජල අංශු ඇති බව මේ වනවිට සොයා ගෙන ඇත. ඊට අමතරව සඳ අභ්‍යන්තරයේ ඛනිජ ද්‍රව්‍ය ඇති බවට ද තහවුරු වී ඇත.

සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් අනාවරණය වී ඇත්තේ 2020 වසරේ චීනය සඳ ගවේෂණය කළ ‘චැංග් ඊ 5’ මෙහෙයුමෙන් පසුවය. චීන විද්‍යාඥයන් එම මෙහෙයුමේ දී සඳට රොබෝ යානයක් යවා පස් සාම්පල ගෙන්වා ගැනීමක් කළේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS