සති 2 ක් නිරෝධායනය කළ යුතුයි



 

ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් සහ සිඞ්නි ඇතුළු ප‍්‍රධාන නගර කේන්ද්‍රකොට ගනිමින් විරෝධතා රැලි පැවැත්වුණු අතර, 60,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ.

 ඕස්ටේ‍්‍රලියානු වෛද්‍ය සභාව සභාව වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය ටෝනී බාර්ටෝන් පවසා ඇත්තේ, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන්, එම විරෝධතා රැුලිවලට සහභාගී වූ සියලූ දෙනා සති දෙකක් නිරෝධායනය කළ යුතු බවය.

විරෝධතා රැලි පැවැත්වූයේ පසුගිය සෙනසුරාදා (7) දිනයේය. ඒ, සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමිනි. සිඞ්නි නුවර පැවැත්වුණු විරෝධතාවට එක් වුණු පිරිස 2,000 ක් බවත් මෙල්බර්න් නුවර පැවැත්වුණු විරෝධතාවට එක්වුණු පිරිස 10,000 ක් බවත්, බි‍්‍රස්බේන් නුවර විරෝධතාවට එක්වුණු පිරිස 30,000 ක් බවත් පැවැසෙයි.

ඇමෙරිකාවේ විරෝධතා ආරම්භ වූයේ පසුගිය 25 වැනිදා පොලිස් අත්අඩංගුවේ සිටියදී කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමිනි. විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය සහ හමුදාව යෙදවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පියවර ගත්තේය. ඒ අනුව,  ඇමෙරිකාවෙන් ආරම්භ වුණු විරෝධතා  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් 40 කට පැතිර ගියේය.

මෙල්බර්න්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS