සකර්බර්ග්ගේ සටන් පුහුණුව



ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම මෙටා ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග් මේ දිනවල Ultimate Fighting Champions (UFC) සටන්කරුවන් සමඟ සටන් පුහුණුවන බව වාර්තා වේ.

සකර්බර්ග්, UFC සටන්කරුවන් වන ඊශ්‍රායල් අඩේසන්යා සහ ඇලෙක්සැන්ඩර් වොල්කානෝව්ස්කී සමඟ පුහුණුවන අයුරු දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප පුවත් මැවීමට සමත් වී ඇත.

සකර්බර්ග් ‘ජී ජිට්සු‘ ඇතුළු සටන් ක්‍රම කීපයක් මේ වනවිට ප්‍රගුණ කර තිබේ. පසුගිය මැයි මාසයේ ‘ජී ජිට්සු‘ තරගාවලියක දී සකර්බර්ග් පදක්කමක් ද දිනාගත්තේය.


RECOMMEND POSTS