සංහාරයේ 33 වැනි අනුස්මරණ සංවත්සරය



ටියනාන්මෙන් චතුරශ්‍රයේ සංහාරයේ 33 වැනි අනුස්මරණ සංවත්සරය ඉකුත් 4 වැනිදා යෙදී තිබිණි.

ඒ වෙනුවෙන් විරෝධතාවලට එක්වන්නැයි අන්තර්ජාලය ඔස්සේ ජනතාවට ඉල්ලීම් ඉදිරිපත් ව තිබූ අතර මේ සම්බන්ධයෙන් හොංකොං පොලිසිය ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබිණි.

පොලිසිය පරීක්ෂා කර නොබලන්නැයි ද එහිදි පොලිසිය අනතුරු අඟවා තිබිණි.

සත්‍ය වුවමනාවකින් පොදු ස්ථානවලට සහ උද්‍යානවලට පැමිණෙන ජනතාවට කිසිදු බාධාවක් නැතැයි ප්‍රකාශ කළ හොංකොං පොලිස් ප්‍රකාශකවරයා අනීතික රැස්වීම්වලට කිසිසේත් ඉඩක් ලබානොදෙන බව සඳහන් කළේ ය.

මීට පෙර 2020 වසරේ දී පැවැති අනුස්මරණ සංවත්සරයේ දී මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු ප්‍රජාතන්ත්‍ර හිතවාදී ක්‍රියාකාරීන් 26 දෙනකු අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ට මාස 4ත් 14ත් අතර අත්හිටවූ සිර දඬුවම් නියම විය.

(ඒ.එන්.අයි.)


RECOMMEND POSTS