ෂැංග්හායි කොරෝනා පාලනය කෙරේ



චීනයේ ෂැංග්හායි නුවර 'කොවිඩ් 19' ආසාදිතයන් අඩුවෙමින් පවතින බවත්, ෂැංග්හායි නුවරින් පිට පළාත්වල ද 'කොවිඩ් 19' පාලනයක් දකින්න ලැබෙන බවත් චීන සෞඛ්‍ය අංශ පවසයි.

ෂැංග්හායි යනු චීනයේ ප්‍රධාන වෙළෙඳ නගරයයි. මෙම අප්‍රේල් ආරම්භ වෙද්දී ෂැංග්හායි වැසියෝ 'කොව්ඩ් 19' හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ පෑහ.

කෙසේ නමුත් දැඩි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින්, නගරයේ ලක්ෂ ගණනක් වැසියන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර, ආසාදිතයන් හඳුනා වෙන් කර ගැනීමෙන් පසු වයිරස ව්‍යාප්තිය අඩු කර ගැනීමට චීනය සමත් විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS