වොෂින්ටන් දිස්ත්‍රික්කය ප්‍රාන්තයක් වෙයි



ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර අයත් වන වොෂින්ටන් ඩීසී, ෆෙඩරල් පරිපාලන දිස්ත්‍රික්කය, ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

වොෂින්ටන් ඩීසී ෆෙඩරල් දිස්ත්‍රික්කය ප්‍රාන්තයක් ලෙස නම් කිරීමේ යෝජනාව දශක 4 ක් පුරා පැවැතිණි. පසුගිය සිකුරාදා (26) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැවැති ඡන්ද විමසුමේදී වොෂින්ටන් ඩීසී ෆෙඩරල් දිස්ත්‍රික්කය ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට ඡන්ද 232 ක් හිමිවිය.

වොෂින්ටන් ඩීසී, ෆෙඩරල් පරිපාලන දිස්ත්‍රික්කය ප්‍රාන්තයක් බවට නම් කිරීමේ යෝජනාවලියට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධය පළ කරයි.

සිකුරාදා දිනයේ පැමැති ඡන්ද විමසුමේදී ඡන්දය දුන්නේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් පමණි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් නියෝජිතයෝ 180 දෙනා විරෝධය පළ කළහ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඩිමෙ‍ාක්‍රටික්වරුන්ය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS