වෙබ් දුටු ‘තරු තොටිල්ල’



ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්ව ගවේෂණය ආරම්භ කර වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් දුරේක්ෂය ලබා ගත් තවත් අපූරු ඡායාරූපයක් නාසා විද්‍යාඥයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මේ වර්ණවත් ඡායාරූපයෙන් දිස්වන්නේ, අපේ හිරු වැනි තරු උපත ලබන වලාවකි. නාසා විද්‍යාඥයන් මෙම ස්ථානය හඳුන්වා දී ඇත්තේ ‘රහෝ ඔපිහියුචී’ යන නමිනි. පෘථිවියට ආසන්නයෙන්ම ඇති තරු උපදින ස්ථානය මෙය යැයි ද පැවැසෙයි. සෞරග්‍රහ මණ්ඩලය වැනි තාරකා මණ්ඩල නිර්මාණය වන්නේ මෙවැනි වලාවලිනි.

‘රහෝ ඔපිහියුචී’ ඇත්තේ ආලෝක වර්ෂ 400 ක් පමණ ඈතිනි. මෙවැනි වළාවක් ඡායාරූපයට නැගුණු පළමු අවස්ථාව මෙයයි.


RECOMMEND POSTS