වෙනිසියුලාව ඇමෙරිකාව සිරකරුවන් හුවමාරු කරගනී



ඇමෙරිකන් අත්අඩංගුවේ සිටි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ ඥාතීන් දෙදෙනකු වෙනුවෙන්, වෙනිසියුලාව එරට අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් ජාතිකයන් අත් දෙනකුට නිදහස ලබා දුන්නේය.

ඇමෙරිකන් අත්අඩංගුවේ සිටියේ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ බිරිඳගේ ඥාතීන් දෙදෙනකි. මොවුහු දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වී, වසර 18 ක සිර දඬුවම් විඳිමින් සිටියහ. වෙනිසියුලා රජය දිගින් දිගටම පෙන්වා දී තිබුණේ මොවුන් දෙදෙනාට සිරදඬුවම් ලබා දීම අසාධාරණ බවය.

වෙනිසියුලා රජය නිදහස ලබා දුන්නේ, ඇමෙරිකන් තෙල් සමාගම් සේවකයන් හත් දෙනකුටය. මොවුන් වෙනිසියුලාවේ සිට්ගෝ නගරයේ ඇමෙරිකන් තෙල් සමාගමක සේවකයන් හත් දෙනෙකි.

වෙනිසියුලා ආරක්ෂක අංශ මොවුන් අත්අඩංගුවට ගෙන තිබුනේ ඇමෙරිකාව වෙනුවෙන් ඔත්තු බැලුවේ යැයි චෝදනා සම්බන්ධයෙනි.

(රොයිටර්)

 


RECOMMEND POSTS