වෙනිසියුලා ජනපති ඝාතන තැත වරදී



තමන් ඝාතනය කිරීමට ඇමෙරිකාව කළ කුමන්ත්‍රණය අසාර්ථක වූ බව වෙනිසියුලා නායක නිකලස් මදුරෝ ඊයේ (4) පැවැසීය.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ මෙසේ කියා සිටියේ, කැරිබියානු මුහුද හරහා වෙනිසියුලාවට ඇතුළු වෙද්දී ඇමෙරිකන් සොල්දාදුවන් තිදෙනකු ඇතුළු 13 දෙනකු වෙනිසියුලා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ‘ඇමෙරිකා සොල්දාදුවෝ රම්බෝ වගේ වීරයෝ වෙන්න හැදුවා. මා මරන්න හැදුවා.’ යැයි වොනිසියුලා නායක නිකලස් මදුරෝ ජාතිය අමතමින් පැවැසුවේය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි අල්ලා ගත් පිරිස අතරේ විශ්‍රාමික ඇමෙරිකන් හමුදා නිලධාරියකු වන ජෝන් ගුර්ඩෝ ද සිටී. මොහු ෆ්ලොරීඩාවේ පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යන අයකු බව ද පැවැසෙයි.

කැරැකස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS