වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල



පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගනු ලැබූ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන එක් ඡායාරූපයක් මේ වනවිට ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත.

එම ඡායාරූපය මුද්‍රණය කරමින්, ආධාරකරුවන් ටී ෂර්ට් මුද්‍රණය කර ඇති අතර, අන්තර් ජාලය ඔස්සේ ඒවා මිලදී ගැනීම කළ හැකිය. මෙම ටී ෂර්ට් නිපදවීම සිදු කර ඇත්තේ චීන සමාගම් බව ද පැවැසෙයි. ‘මම දැන් ශක්තිමත්’, ‘වෙඩි උණ්ඩයට මම බය නැහැ’, ‘මම පරාජය බාර ගන්නේ නැහැ’ ආදී ට්‍රම්ප්ගේ ප්‍රකාශ කීපයක් එම ටී ෂර්ට්වල සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS