වීසා දිගු කරන්නැයි බොල්සනාරෝගෙන් ඉල්ලීමක්



තව දුරටත් ඇමෙරිකාවේ රැඳී සිටීමට, වීසා කාල සීමාව දීර්ඝ කරන්නැයි පසුගිය දෙසැම්බරයේ සිට ඇමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර රැඳී සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ඉල්ලීමක් කර තිබේ.

පසුගිය ජනවාරි පළමු වැනිදා සිට සති කීපයක් බ්‍රසීලයේ, බ්‍රසීලියා අගනුවර ප්‍රචණ්ඩ විරෝධතා පැවැත්විණි. ඒ, නව ජනාධිපති ලෙස යළිත් වරක් ජනාධිපති වූ ලූලා ද සිල්වා ට විරෝධය දක්වමිනි.

ප්‍රචණ්ඩකාරීව හැසිරුණු විරෝධතාකරුවෝ ජනාධිපති මන්දිරයට, ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට සහ පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදී කලහ කළහ.

විරෝධතාකරුවන් හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් බවටත් ඔවුන් කලහකාරීව හැසිරුණේ බොල්සොනාරෝගේ උසි ගැන්වීමෙන් බවටත් චෝදනා එල්ල විය. එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS