විශාලතම ඛනිජ තෙල් පර්යේෂණාගාරය හදයි



කුවේටය ලොව විශාලතම ඛනිජ තෙල් පර්යේෂණාගාරය ඉදිකිරීමට සැලසුම් කරන බව වාර්තා වේ.

පර්යේෂණාගාරයේ ඉදිකිරීම් 2022 වර්ෂය අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් අමාත්‍යාංශය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන120ක්  තෙල් පර්යේෂණාගාරය ඉදිකිරීමට වැය වන අතර, රසායනාගාර 28කින් සමන්විත වේ.
විවිධ කර්මාන්ත සඳහා භාවිතා කළ හැකි වැඩිදියුණු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සහ බොර තෙල් පිරිපහදු ශිල්පීය ක්‍රම සංවර්ධනය කිරීම මෙම පර්යේෂණාගාරය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, කුවේට නගරය)


RECOMMEND POSTS