විවාහවීමේ අවම වයස තීරණය කරයි



ඉන්දීය කාන්තාවන් සඳහා විවාහ වීමේ අවම වයස, අවුරුදු 18 සිට 21 දක්වා ඉහළ දැමීමේ යෝජනාවට ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

පවතින නීතියට අනුව, විවාහ වීම සඳහා කාන්තාවන්ගේ අවම වයස 18 කි. කැබිනට් අනුමැතියෙන් පසුව, ඉන්දීය මධ්‍යම රජය, 2006 වසරේ සැකැසූ ළමා විවාහ තහනම් පනත සංශෝධනය කිරීමට ද සුදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව, විශේෂ විවාහ පනත සහ 1955 හින්දු විවාහ පනත වැනි පුද්ගලික නීතිවලට සංශෝධන ගෙන ඒමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS