විදේශිකයෝ ලක්ෂ 4 කට කැනඩාවේ ස්ථිර පදිංචිය



ගෙවී ගිය 2022 වසරේ විදේශික සංක්‍රමණිකයන් 4,37,000 කට ස්ථිර පදිංචිය ලබා දීමට කැනඩා රජය පියවර ගෙන තිබේ. කැනඩා ඉතිහාසයේ එක් වසරක් තුළ වැඩිම පිරිසකට ස්ථිර පදිංචිය ලබා දුන් පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

කැනඩාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට, සංක්‍රමණික සේවකයන්ගේ සහාය ලබා ගැනීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ තීරණය කළේ 2015 වසරේදීය. මෙම සංක්‍රමණික සේවකයන් බොහෝ දෙනකු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවල නියැලෙන බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS