විදෙස් ඇමැති හමුව අවලංගුයි



රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් සමඟ පැවැත්වීමට නියමිත ව තිබූ හමුව අවලංගු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පියවර ගෙන ඇත.

“රුසියාවේ ප්‍රවේශය වෙනස් වීම හේතුවෙන් මෙම පියවර ගත්තා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කීය.

නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදීන්ගේ පාලනය යටතේ තිබූ ප්‍රදේශ දෙකක් ස්වාධීන පාලන කලාප ලෙස පිළිගැනීමට රුසියාව සඳුදා පියවර ගත්තේ ය.

රුසියාව, යුක්රේනය ආක්‍රමණය නොකරන්නේ නම් තමන් ඔහු මුණ ගැසීමට සූදානම් බව ඇන්තනි බ්ලින්කන්, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව්ට පොරොන්දු වී තිබිණි.

“දැන් ආක්‍රමණය ආරම්භ වෙලා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන්න පටන් අරන්. රුසියාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා එමඟින් පැහැදිලි වෙනවා. ඒ නිසා මේ හමුවෙන් තේරුමක් නැහැ” යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් පැවැසීය.

යුක්රේන විදේශ අමාත්‍ය ද්මිත්‍රි කුලේබා මුණ ගැසීමෙන් අනතුරුව වොෂින්ටන් නුවර දී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම කරුණු පැවැසීය.

(අල්ජසීරා)


RECOMMEND POSTS