විදුලි කප්පාදුවක්: බංග්ලාදේශය අඳුරේ
බලශක්ති අර්බුදයකට මුහුණ දෙන බංග්ලාදේශයේ දිනකට පැය ගණනක විදුලි කප්පාදුවක් සිදුවෙයි. ඉදිරියේ දී විදුලි කප්පාදු කිරීමට සිදුවන පැය ගණන තවත් වැඩි වනු ඇතැයි බංග්ලාදේශ බලශක්ති ඇමැති නස්රුල් හමීද් මාධ්‍ය හමුවේ පැවැසුවේය.
බංග්ලාදේශයේ ජල, ගෑස් සහ ගල් අඟරු බලාගාර පවතී. ආර්ථික අර්බුයකට මුහුණ දෙන බැවින් ගල් අඟුරු ලබා ගැනීමේ ගැටලු පවතී. ඊට අමතරව, අප්‍රේල් මාසයේ සිට පවතින දැඩි නියං කාලගුණය හේතුවෙන් ජල විදුලි බලාගාරවලින් නිසි පරිදි විදුලිය නිපදවීමක් සිදු නොවෙයි.
බංග්ලාදේශය ‘මෝඛා’ සුළි කුණාටුවෙන් ද දරුණු ලෙස බැට කෑවේය. සුළි කුණාටුව හේතුවෙන් විදුලි බලාගාරවලට ස්වභාවික වායු සැපයීම අඩපණ විය. විදුලි කප්පාදුවට හේතුව වී ඇත්තේ මෙයයි.
(රොයිටර්)