විද්‍යාඥයෝ 24 කට කොවිඩ්



ඇන්ටාක්ටිකාවේ හුදෙකලාව පිහිටි ආජන්ටිනාවට අයත් පර්යේෂණ කඳවුරට ද ‘කොවිඩ් 19’ වයිරසය ව්‍යාප්ත වී ඇතැයි ආජන්ටිනා සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇන්ටාක්ටිකාවේ, ආජන්ටිනාවට අයත් මෙම පර්යේෂණ කඳවුරේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තියක් සිදුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

‘ලා එස්පෙරෙන්සා’ නමැති මෙම පර්යේෂණ කඳවුරේ විද්‍යාඥයන් 43 දෙනකු සිටින බවත් ඔවුන්ගෙන් 24 දෙනකු මේ වනවිට ‘කොවිඩ් 19’ ආසාදිතයන් වී ඇති බවත් ආජන්ටිනා රජය පවසා ඇත.

ආසාදිතයන් ලෙස හඳුනාගත් 24 දෙනාගෙන් 9 දෙනකු කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS