වික්ටෝරියාවේ ආසාදිතයෝ 300 ක්
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 300ක් සහ වයිරස ආසාදිත මරණ 6ක් වාර්තා විය.
වයිරසය ආසාදනය වී මරණයට පත් වූ සියලු දෙනා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවල සිටින අය වූ අතර ඔවුන්ගෙන් තිදෙනෙක් 90 වැනි විය ඉක්මවූ අය වූහ. අනෙක් තිදෙනා 80 වැනි වියේ පසුවූහ.
නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය දින හතක කාලයේදී 22 දෙනකු මරණයට පත්ව ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී ආසාදිතයන් 484 දෙනකු සහ මරණ පහක් වාර්තා විය. එම මරණවලින් තුනක් සිදුව ඇත්තේ ද වැඩිහිටි සුරැකුම් මධ්යස්ථානයවලදී ය.
පසුගිය සිකුරාදා, එනම් ජූලි 17 වැනිදා ගත වූ කාලයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 2,240 කි. ඉන් 206 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඉන් 41 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් බලධාරිහු කීහ.
වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලම නගරය වන මෙල්බර්න් නගරයෙන් දිගින් දිගටම ආසාදිතයන් වාර්තා වීම නිසා අර්ධ වශයෙන් 'ලොක්ඩවුන්' සීමා පැනවීමට බලධාරිහු පියවර ගත් හ.මුඛ ආවරණ පැළැඳීම ද අනිවාර්ය කර ඇති අතර එසේ කිරීමව අපොහොසත් වන අය ඔස්ට්‍රේලියානු ඩොලර් 200 (ඇමෙරිකානු ඩොලර් 143ක්) ක දඩයක යටත් වේ.
රොයිටර්ස්