වැඩිම කොකේන් ප්‍රමාණය අල්ලාගෙන



මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුමකදී අත් අඩංගුවට ගාත් වැඩිම කොකේන් මත් ද්‍රව්‍ය ප්‍රමාණයට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියමින්, ඔරියන් මෙහෙයුමේදී සති 6 ක් තුළ කොකේන් ටොන් 225 ක් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමත්ව ඇත.

ඔරියන් මෙහෙයුම කොළොම්බියාව ප්‍රමුඛ රටවල් 62 ක ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ අතර එහිදී මත්ද්‍රව්‍ය ටොන් 1400 අත් අඩංගුවට ගෙන තිබිණි. එහිදී ඔස්ට්‍රේලියාවට මත් ද්‍රව්‍ය ජාවාරම් කරන නව මාර්ගය සොයා ගැනීමටද ආරක්ෂක අංශවලට හැකියාව ලැබී ඇත.

අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ටොන් 1400 න් ටොන් 1000 මරිජුවානා නමැති මත් ද්‍රව්‍ය බවද පැවැසෙයි. එම මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් කොකේන් ටොන් 225 න් කොටසක් ජල මට්ටමට මීටර් 9 ක් දක්වා යටින් යා හැකි නාකෝ සබ්මැරීනයක ප්‍රවාහනය කරමින් තිබියදී සොයා ගෙන ඇත. තවත් අර්ධ වශයෙන් ජලයේ ගිලි යාත්‍රා කරන යාත්‍රා 6 ඔරියන් මෙහෙයුමේදී ආරක්ෂක අංශ පරික්ෂාවට ලක්කර ඇති අතර එහි තිබී ඉතිරි මත් ද්‍රව්‍ය ටොන් 1175 සොයා ගෙන තිබිණි.

දින 45 ක් පුරා ක්‍රියාත්මක වූ ඔරියන් මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍යවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් 850 ක් බවත් ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට ඔරියන් මෙහෙයුමෙන් හැකියාව ලැබුණු බවත් කොලොම්බියානු නාවික හමුදාවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ කපිතාන් මැනුවෙල් රොඩ්‍රිගස් ප්‍රකාශ කළේය. මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සම්බන්ධ වූ 400 දෙනකු පමණ අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවද ඔහු පැවැසුවේය.


RECOMMEND POSTS