වැඩිදුර ප්‍රතිකාර සඳහා නවාස් ෂරීෆ් ඇමෙරිකාවට



අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකා යෑමට සූදානම් වන බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.

මූල්‍ය වංචා චෝදනාවලට වරදකරු වී, සිර දඬුවම් විඳිමින් සිටි නවාස් ෂරීෆ්ට ඇප හිමිවිය. ඒ, රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව, නවාස් ෂරීෆ් ප්‍රතිකාර සඳහා ලන්ඩන් බලා ගියේය. ඒ අධිකරණයෙන් ලබා ගත් විශේෂ අවසරයකට අනුවය.

නවාස් ෂරීෆ්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වෙමින් පවතී. රුධිර පට්ඨිකා ද වේගයෙන් අඩුවෙමින් පවතින බව ද පැවැසෙයි. ලන්ඩන් ප්‍රතිකාර සාර්ථක නොවුණු බැවින්, ලන්ඩන් වෛද්‍යවරුන්ගේ නිර්දේශමත නවාස් ෂරීෆ් ලබන 16 වැනිදා ඇමෙරිකාව බලා යෑමට නියමිත බව පැවැසෙයි.

ලාහෝර්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS