ව්‍යාපාරික මිතුරෝ අතහිත දීලා



පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූයේ ව්‍යාපාරික මිතුරන් දෙදෙනකුගේ අනුග්‍රහය යටතේ යැයි වාර්තා වේ.

ඩාවෝස් බලා යෑමටත්, සමුළුවට සහභාගී වීමට ගිය තමන්ගේ නවාතැන් පහසුකම් සඳහාත් මූල්‍යමය අනුග්‍රහය දැක්වූ ව්‍යාපාරික මිතුරන් දෙදෙනා ඉක්රාම් සෙගාල් සහ ඉම්රාන් චෞද්‍රි බව ද පාකිස්තාන අගමැතිවරයා අනාවරණය කර ඇත.

පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් රජයේ අනවශ්‍ය වියදම් කප්පාදු කර ඇත. ඔහු විදෙස් සංචාරවල නියැලෙන්නේ එම සංචාර සඳහා යෑම අනිවාර්්‍යය බැවින් යැයි ද පැවැසෙයි. අගමැති ඉම්රාන් ව්‍යාපාරික මිතුරරන්ගේ සමහාය ඒ සඳහා ලබා ගනී.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS