ව්‍යවස්ථා සංශෝධනයකට කැමැත්ත
නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අරමුණින්, ව්‍යවස්ථා සංශෝධන සඳහා කසක්ස්තානයේ ජනමත විචාරයක් පැවැත්වුණු අතර, කසස්තාන වැසියන්ගෙන් සියයට 77.18 ක් ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය ලබා දුන් බව පැවැසෙයි.
කසක්ස්තානයට නව යුගයක් උදා කිරීමේ අරමුණින්, ව්‍යවස්ථා සංශෝධන මගින් නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම යෝජනා කර තිබුණේ කසක්ස්තාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් ය.
තීරණ ගැනීමේ ක්‍රියාවලිය විමධ්‍යගත කිරීමටත්, කසක්ස්තානය පිහිටුවීමේ පුරෝගාමී නායකයා ලෙස සැලකෙන නූර් සුල්තාන් නසර්බයෙව්ට ලබා දී ඇති ‘ජාතික නායක‘ යන ගෞරව නාමය ඉවත් කිරීමට ව්‍යවස්ථා සංශෝධන හරහා කසක්ස්තාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව්, නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් යෝජනා කර තිබේ.
ජනමත විචාරණයට කසත්තාව වැසියන්ගෙන් සියයට 68.06 ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ජනමත විචාරණයේ ප්‍රථිපල තමන් පිළිගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නුර්ලන් අබ්ඩිරොව් මාධ්‍ය හමුවේ පවසා ඇත.
ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසුවත් නූර් සුල්තාන් ‘ජාතික නායක‘ යන ව්‍යවස්ථාවෙන් ලබා දුන් තත්ත්වය තබා ගත් අතර ඒ හේතුවෙන් ජනාධිපති ධුරයෙන් ඉවත් වුවද ප්‍රතිපත්ති සම්පාදනයේදී බලපෑම් එල්ල කිරීමට හැකියාව ලැබුණි.
ව්‍යවස්ථා සංශෝධනයේ එක් යෝජනාවක් වුයේ නූර් සුල්තාන්ගේ ‘ජාතික නායක‘ තත්ත්වය ඉවත් කිරීමය. අනෙක් යෝජනාව නම් ජනාධිපතිවරයාගේ නෑදෑයන් රජයේ තනතුරු හෙබවීම වළක්වාලීමය.
මෙම දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය විමධ්‍යගත වන බවත් නූර් සුල්තාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ බලපෑම් වලට තීරණ ගැනීමේදී රජය යටත්වීමට අවශ්‍ය නොමැති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
(ඒ.ඒෆ්.පී.)