වහාම හයිටියෙන් පිටවෙන්න



හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලි සාමාජිකයන් අතරේ දරුණු ගැටුම් ආරම්භ වී ඇති බවින්, හැකි ඉක්මනින් එරටින් පිටවන්නැයි හයිටියේ සිටින ඇමෙරිකානුවන්ට, හයිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.

හයිටි යනු අර්බුද රැසක් හේතුවෙන් අස්ථාවර වුණු අවනීතිය රජයන රාජ්‍යයකි. හයිටියට නිරන්තරයෙන් මානුෂීය ආධාර ලබා දීම සිදුවෙයි. හයිටියට මානුෂීය ආධාර ලබා දෙන ප්‍රධාන රාජ්‍යයක් වන්නේ ඇමෙරිකාවය.

මේ වනවිට හයිටියේ අපරාධ කල්ලි සාමාජිකයන් අතරේ දරුණු අවි ගැටුම් නිර්මාණය වී තිබේ. එම ගැටුම් හේතුවෙන් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවුණු බව ද පැවැසෙයි. හයිටියේ ජනගහනය මිලියන 5.2 කි.


RECOMMEND POSTS