වසර 91 කට පසු බ්‍රසීලයට නියඟයක්



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලය, දැඩි නියං තත්ත්වයකට මුහුණ පා ඇතැයි ද වාර්තා වේ.

බ්‍රසීල පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට මෙම රට මෙසේ දරුණු නියඟයකට මුහුණ පෑවේ වසර 91 කට පසුවය. මීට වසර කීපයකට පෙර ඇමසන් වැසි වනාන්තරය හරහා ළැව් ගිනි මාලාවක් පැතිර ගියේය. ඒ, වනාන්තරය හෙළිපෙහෙළි කරමින්, තැනින් තැන කළ ගිනි තැබීම් හේතුවෙනි.

පාලනය කර ගැනීමට නොහැකි වුණු එම ගින්නෙන් ඇමසන් වැසි වනාන්තරයට සිදුවුණු හානිය අතිමහත්ය. ඇමසන් වනාන්තරයෙන් වැඩි කොටසක් අයත් වන්නේ බ්‍රසීලයටය.

බ්‍රසීලයේ වනාන්තර හෙළි පෙහෙළි කිරීමට විවිධ සමාගම්වලට අවසර දී ඇත්තේ ජනාධිපති ජාර් බොල්සරානෝ යැයි චෝදනා එල්ල වී තිබේ. පරිසරවේදීන්ට අනුව, ජනාධිපති බොල්සරනෝට පරිසරය ගැන තැකීමක් නැත. වර්ෂාව නොමැති වීමත්, ජල අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ රට විදුලි බල අර්බුදයකට ද මුහුණ පා සිටින බව වාර්තා වේ.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS