වසර 30 කට පසු සෝමාලියාවේ සිනමා දැක්මක්



සිවිල් යුද ගැටුම්වලින් සහ ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හෙම්බත් වූ සෝමාලියාවේ, දශක තුනකට පසු පළමු වරට, චිත්‍රපට ප්‍රදර්ශනයක් සිදුවිය. ඒ, දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය.

චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වූයේ මොගඩිෂු අගනුවර ඉදිකර ඇති සෝමාලියා ජාතික රඟහලේදීය. 1967 දී මාඕ සේතුංගේ ත්‍යාගයක් ලෙස චීන ඉංජිනේරුවන් විසින් මෙම රඟහල ඉදි තිබේ.

මෙම රඟහල අවස්ථා ගණනාවකදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඉලක්කයක් වූ අතර, ආයුධ සන්නද්ධ කල්ලි සාමාජිකයන්ගේත් සන්නද්ධ නායකයන්ගේත් කඳවුරක් ලෙස භාවිතයට ගැනුණි. මෙම රඟහලේ මේවනතුරු කිසිදු සෝමාලි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර නැත.

පසුගිය දා පළමු වරට ප්‍රදර්ශනය කෙරුණේ සෝමාලි කෙටි චිත්‍රපට දෙකකි. 'හූස්' සහ 'ඩේට් ෆ්රොම් හෙල්' නමැති එම චිත්‍රපට සෝමාලි සිනමා අධ්‍යක්ෂවරයකු වන ඊබ්‍රහීම් සී.එම්.ගේ සිනමා නිර්මාණය. චිත්‍රපට සඳහා ප්‍රවේශපත් නිකුත් කෙරුණේ ඩොලර් 10 ක මුදලකටය.

(රොයිටර්)


RECOMMEND POSTS