වසර 24 කට පසු ප්‍රංශ ජනපතිවරයෙක් ජර්මනියේ



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, තෙදින නිල සංචාරයක් සඳහා ජර්මනියට පැමිණියේය. ඒ, බිරිඳ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් ද සමඟය. ජර්මනිය සහ ප්‍රංශය අතරේ යහපත් සබඳතා ඇති කර ගැනීම මැක්රොන්ගේ මෙම සංචාරයේ අරමුණය.

ඉදිරියේ දී යුරෝපා පාර්ලමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර,  ජර්මනිය සහ ප්‍රංශය අතරේ මිත්‍රත්වය ශක්තිමත් වීම යුරෝපා කලාපයට වැදගත් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ප්‍රංශ ජනාධිපතිවරයකු මේ අයුරින් ජර්මනියට පැමිණෙන්නේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි. 

ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් අතරේ ද්වී පාර්ශ්වික හමුවක් පැවැත්විණි. ප්‍රංශයත් ජර්මනියත් අතරේ ශක්තිමත් මිත්‍රත්වයක් පැවැතීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් විය.

‘ජාතිකවාදීත්වය’ පරාජය කරමින්, ප්‍රජාතන්ත්‍රය ස්ථාපිත කිරීම වෙනුවෙන් කැප විය යුතු බව ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් අතරේ එකඟත්වයක් ඇති කර ගැනුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS