වසංගතය අවසන් වෙන්නයි යන්නේ



අලුතින් ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තවීම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත්, ‘කොවිඩ් 19’ වසංගතයේ අවසානයට අප පැමිණ සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මෙසේ පැවැසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව නන්දෙසින් ලබා ගත් දත්ත පාදක කර ගනිමිනි.

‘මා කියන්නේ නැහැ කොවිඩ් 19 වසංගතය අවසන් බව. ඒත් මා කියනවා අප කොවිඩ් 19 වසංගතයේ අවසානයට ඇවිල්ලා. කොවිඩ් 19 වයිරසය පාලනය කර ගැනීමේ හැකියාව දැන් අපට තිබෙනවා. එන්නත් තිබෙනවා. කවුරුත් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා.’ යැයි ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS