වවුලන්ගෙන් බෝවන වයිරසයක් ගැන බියක්



වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වයිරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවති.

‘කොස්ටා 2’ යන නමින් නම් කර ඇති මෙම වයිරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන බව සොයා ගෙන තිබේ. වයිරසය සදහා කිසිදු ප්‍රතිකර්මයක් නොමැත. කොස්ටා 2 වයිරසය සොයාගෙන ඇත්තේ රුසියාවෙනි. ඒ, 2000 වසරේදීය.

කෙසේ නමුත් එදා මෙම වයිරසය මනුෂ්‍යයන්ට තර්ජනයක් වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස නොකළේය. ඇමෙරිකන් විද්‍යාඥයන් කොස්ටා 2 වයිරසය ගැන වැඩි අවදානයක් යොමු කළේ ‘කොවිඩ් 19‘ වයිරසයේ ව්‍යාප්තියත් සමගය.

ඒ අනුව, පසුගිය මාස කීපයේ ඇමෙරිකන් විද්‍යාඥයන් මෙම නව වයිරසය සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදු කර ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS