වර්ජනයේ නියැලි වෛද්‍යවරුන්ට අනතුරු



දකුණු කොරියාවේ වර්ජනයේ නිරත කනිෂ්ඨ වෛද්‍යවරු අද (29) දිනයේ එම වර්ජනය නවතා රාජකාරී සඳහා වාර්තා නොකළහොත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කරන බවට රජය අනතුරු අඟවයි.

පසුගිය සතියේ සිට එරට කනිෂ්ඨ වෛද්‍යවරු 75%ක් පමණ සේවයට වාර්තා නොකර වර්ජනයක නිරත වෙති. මේ නිසා බොහෝ රෝහල්වල ප්‍රතිකාර කටයුතු සහ ශෛල්‍යකර්ම ඇනහිට ඇති බව සඳහන් ය.

වෛද්‍ය විද්‍යාල සඳහා වැඩි සිසුන් පිරිසක් බඳවා ගැනීමට විරෝධය පාමින් මෙම පුහුණු වෛද්‍යවරුන් වර්ජනය අරඹා තිබුණි.

රජය එමගින් බලාපොරොත්තු වී ඇත්තේ එරට වෛද්‍යවරු ප්‍රමාණය වැඩිකිරීමටය.


RECOMMEND POSTS