වයිරසය ඇරැඹුණේ වූහාන් වෙළෙඳපොළෙන් තමයි
නව කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ සත්ව වෙළෙඳසැලෙන් බව ඊයේ (28) තහවුරු විය.
වයිරසය ආරම්භ වූයේ හුනාන් නමැති මෙම වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමින් යැයි මීට පෙර පැවැසුවත්, එය තහවුරු කෙරුණු පළමු අවස්ථාව මෙයයි. වයිරසය හුනාන් සත්ව වෙළෙඳපොළෙන් හමුවීමත් සමඟ එය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ මීට සති දෙකකට පමණ පෙරය.
වූහාන් නගරයේ වයිරසය ආසාදනය වුණු පළමු රෝගීයා හමුවූයේ ද මෙම සත්ව ගොවිපොල ආශ්‍රිතවය. 67 හැවිරිදි එම තැනැත්තා නිරන්තරයෙන් මෙම වෙළෙඳපොළට පැමිණි ආහාර සඳහා සතුන් රැගෙන යන බව අනාවරණය වී ඇත.
වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)