වයිරස උපදේශක ඉල්ලා අස්වෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පිහිටුවූ කොවිඞ් 19 කාර්ය සාධක බලකායේ විශේෂ උපදේශක ලෙස කටයුතු කළ වෛද්‍ය ස්කොට් ඇට්ලස් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
කොවිඞ් 19 කාර්ය සාධක බලකායේ විශේෂ උපදේශක ලෙස ස්කොට් ඇට්ලස් එම තනතුරට පත් කළේ ජනාධිපති ට්‍රම්ප්ය. වෛද්‍ය ස්කොට් ඇට්ලස් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ද ‘කොවිඞ් 19’ වයිරස උපදේශකයා ලෙස කටයුතු කළේය.
කෙසේ නමුත් පසුගිය මාස හතරක කාලය පුරාවට ස්කොට් ඇට්ලස් සහ කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයන් අතරේත්, ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේත් මත ගැටුම් පැවැතිණි. ස්කොට් ඇට්ලස් ඉල්ලා අස්වී ඇත්තේ එම මත ගැටුම් උත්සන්න වීමත් සමඟය.
තමන් තම තනතුරෙන් ඉල්ලා අස්වන බව වෛද්‍ය ඇට්ලස් පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් මගිනි. කෙසේ නමුත් ඊට හේතුව ඔහු සඳහන් කර නැත. ඇට්ලස් ඇමෙරිකා වසංගත රෝග විද්‍යායතනයට සම්බන්ධ ස්නායු වෛද්‍යවරයෙකි.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කීමට, ජනතාව නොමග යවමින් උපදෙස් දෙනවා යැයි ඇමෙරිකා වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි පවා අවස්ථා ගණනාවකදී වෛද්‍ය ඇට්ලස්ට චෝදනා නගා තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)