වඳුරු උණ ඉන්දියාවට



ඉන්දියාවෙන් පළමු වරට වඳුරු උණ (වඳුරු පැපොල) ආසාදිතයකු හමුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. වඳුරු උණ ආසාදිතයා වාර්තා වී ඇත්තේ කේරළයෙනි.

එම ආසාදිතයා, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිට ඉන්දියාවට පැමිණි ඉන්දියානුවකු බව කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ආසාදිතයා කඩිනමින් නිරෝධානයට යොමු කෙරුණු අතර, ඔහුගේ පවුලේ අය, සමීපතමයන් හඳුනා ගෙන ඔවුන් ගැන ද විමසිල්ලෙන් පසුවන බවත්, වෙනත් අයකුට රෝගය ආසාදනය වීමට කිසිදු ඉඩක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS