ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙනවා - බ්‍රසීලය
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනුගමනය කරමින්, තමන් ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බ්‍රසීලය ඉවත් කර ගැනීමට පියවර ගන්නා බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසයි.
‘ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන පැහැදීමක් නැහැ. ඔවුන් තීන්දු තීරණ ගන්නේ ප්‍රමාදවෙලා. ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වුණේ එම සංවිධානය ඔවුන්ගේ වගකීම් ඉටු නොකළ නිසයි. තව දුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සිටිනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ වේලාව ඇවිල්ලා’ යැයි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ මාධ්‍ය හමුවේ පැවැසුවේය.
මේ වනවිට ලොව තෙවැනියට වැඩිම කොවිඞ් 19 ආසාදිතයන් වාර්තා වන රට මෙන්ම මරණ වාර්තා වන රට වන්නේ බ්‍රසීලයයි. බ්‍රසීලයේ ‘කොවිඞ් 19’ මරණ ගණන 34,000 ඉක්මවා ඇත.
ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විහ්ව විද්‍යාලය පෙන්වා දෙන අන්දමට මේ වනවිට ‘කොවිඞ් 19’ වයිරසයෙන් මරණයට පත්වුණු සමස්ත ආසාදිතයන් ගණන 3,94,000 කි. එයින් මරණ 1,09,000 ක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
සාඕ පාවුලෝහිදීය (රොයිටර්)