ලෝක සෞඛ්‍ය සංවිධානයට දොස්



තායිවානය ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පසුගිය දෙසැම්බරයේ ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය එම තොරතුරු කිසිවක් ගණනකට නොගත් බවත් තායිවාන රජය චෝදනා කර තිබේ.

පුද්ගලයන් අතරේ වයිරසය ව්‍යාප්ත වෙන්නේ කෙසේදැයි යන්න තයිවානය පසුගිය දෙසැම්බරයේ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කර ඇත්තේ එරටින් ආසාදිතයන් හමුවෙද්දීය. ඒ වනවිට චීනයෙන් ආරම්භ වුණු වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වී තිබුණේ නැත.

කෙසේ නමුත් චීනයේ බලපෑම් මැද තායිවානය වයිරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් යැවූ කිසිදු ඊ මේල් පණිවුඩයක් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කර නැති බව තායිවාන රජය වැඩිදුරටත් කියා සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS