ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව යෝජනාවක්
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසියක් පැවැත්වුණු අතර, එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහි ඇමෙරිකාව යෝජනාවක් ඉදිරිපත් කළේය. එම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේ දී ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිතය.
ඇමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව මෙසේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කෙරුණේ ගෝලීය වසංගතයක් වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වගකීම් පැහැර හැරියේ යැයි චෝදනා නගමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද එක්සත් ජාතීන්ගේ ආයතනයකි. ‘කොවිඞ් 19’ වයිරසය චීනයේ වූහාන් නුවරින් ඇරැඹුණු අවස්ථාවේ, චීන රජය සහ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් දත්ත සහ තොරතුරුවලට පමණක් කන් දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළ බවට ඇමෙරිකාව චෝදනා කර තිබේ.
ඇමෙරිකාව පමණක් නොව, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව වැනි රටවල් බොහොමයක් අනුමාන කරන්නේ ‘කොවිඞ් 19’ වයිරසය චීනයේ වූහාන් නුවර වයිරස රසායනාගාරයේ නිර්මාණය කළ එකක් බවටය. වූහාන් රසායනාගාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ යුතු යැයි මෙම රටවල් සියල්ල පවසා ඇත. කෙසේ නමුත් එල්ල වන චෝදනා සියල්ල චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්)